සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කර ඇතැයි පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ පවසනවා. සිදුව ඇත්තේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රමාදයක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
පවතින ගැටලූව හේතුවෙන් ගොඩගැසී ඇති අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අද (29) දිනයේ විශේෂ පියවර කිහිපයක් අනුගමනය කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියා.
මාසයක පමණ කාලයක් තිස්සේ මෙලෙස කොළඹ ජාතික රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කර තිබූ බවටයි වාර්තා පළ වී තිබුණේ. කෙසේවෙතත් පවතින තත්ත්වය හැකිතාක් අවම කර ගැනීමට පියවර ගන්නා බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.