පේරාදෙණිය ගලහ ප‍්‍රාදේශීය රෝහලේ ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (29) නියෝග කළා. ඒ, රෝහලට ඇතුලත් කළ කුඩා දරුවෙකු මියයාම සහ ඉන්පසු ඇතිවූ සිද්ධීන් වලට අදාළවයි.
එම සිද්ධිය වන අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. වෙනත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කඩිනමින් එම රෝහල වෙත යොමු කරන ලෙසටද මෙහිදී දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
අදාළ වෛද්‍යවරුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවටයි ප‍්‍රකාශ කෙරුණේ.