උපාධිධාරීන් ශී‍්‍ර ලංකා ගුරු සේවයේ තුන එක ‘අ’ ශ්‍රේණියට බදවා ගැනීමේ තරග විභාගය ලබන 2 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ නගරයේ මධ්‍යස්ථාන 6 කදී විභාගය පැවැත්වෙන බවයි.
දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් රැකියා ගත කිරීම සදහා මෙම විභාගය පැවැත්වෙනවා. මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 27 වනදාය.