Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් නැවක් - නාවික හමුදාවේ විශාලම නැව එයයි (PHOTOS)




කාර්ය මණ්ඩලය 167ක් දෙදෙනකු යෙදවිය හැකි, දිගින් මීටර් 115ක් වන නෞකාවක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පෙරේදා (27) හොනලුලුහිදී පරිත්‍යාගකර තිබෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක බලඇණියේ රියර් අද්මිරාල් හේකොක් ඇතුළු දෙරට නියෝජිත පිරිසක් සහභාගීව තිබෙනවා.

මෙම නෞකාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික නාවිකයින් 110 දෙනකු මාසයකට වැඩි කාලයක් පුහුණුව ලබා තිබෙනවා. මෙම නෞකාව 2019 වසරේ පෙබරවාරි මාසයේ මෙරට පිටත්කර හැරීමට නියමිතව ඇති අතර එතෙක් පුහුණු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු කිහිපයක් සිදුවන බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධන කිරීමත්, සුවිශේෂී මුහුදු කලාපයක් වන මෙම කලාපයේ සමුද්‍ර ආරක්ෂාව වැඩි කිරීමත් මෙහි අරමුණ වනවා.

මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම නෞකාව වනවා.