මහනුවර මහ නගර සැලැස්ම නිර්මාණය කිරීම හා අධිවේගී මාර්ගයේ 3 වන අදියර ඉදිකිරීම සම්බන්ධයෙන් ජපාන රජය ශී‍්‍ර ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) සිය කෘතඥතාව පළ කළා. ඒ, පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකනෙ හමුවූ අවස්ථාවේදීයි.
ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාවද මෙය වනවා. දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම ජපානයේ අපේක්ෂාව බවයි මෙම හමුවේදී ඔහු අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ.
ශී‍්‍ර ලංකාවේ නාවික හමුදාව වෙනුවෙන් ආරක්ෂක යාත්‍රා දෙකක් ලබාදීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත ස්තුතිය පළ කර තිබෙනවා. ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනා ගමනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ගනු ලබන උත්සාහය පිළිබදවද එහිදී සාකච්ඡුා කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.