පේරාදෙණිය, ගලහ රෝහලේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.
උණ රෝගයක් වැළදී රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් ගලහ මූලික රෝහලේ ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇති වුණා. එහිදි දරුවාගේ ඥාතීන් ඇතුළු ප‍්‍රදේශවාසින් පිරිසක් රෝහලේ දේපළවලටද අලාභ හානි සිදුකළ බවයි වාර්තා වුණේ. පසුව තත්ත්වය පාලනය කිරිමට සහ රෝහලේ ආරක්‍ෂාව සදහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවීමට සිදුවුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදීද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මෙහිදී කියාසිටියේ රෝහල් දේපළවලට හානි කරමින් නොසන්සුන් අයුරින් හැසිරුණු පිරිස සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගතයුතු බවයි. එසේ නොවන්නේ නම් සිය සංගමයට තීරණයක් ගැනීමට සිදුවන බවද වෛද්‍ය නවීන්ද සොයිසා ප‍්‍රකාශ කළා.