Friday, January 17, 2025

General line - 0115112241

ජනපති ප‍්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වැඳපුදා ගනී




නේපාලයේ සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද කත්මණ්ඩු නුවර පිහිටි ප‍්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන ආනන්ද කුටි විහාරස්ථානය වැඳපුදා ගැනීමට එක්වුණා.

එහි විහාරාධිපති සමස්ථ නේපාලයේ භික්ෂු සංඝ සභාවේ සභාපති පූජ්‍ය භික්ඛු මෛති‍්‍ර මහාථේර ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ ආශිර්වාද ද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. ආනන්ද කුටි බෞද්ධ විහාරය නේපාලයේ ප‍්‍රථම ථේරවාද බෞද්ධ විහාරස්ථානය වන අතර 1931 වසරේදී ශී‍්‍ර ලංකා නේපාල ථේරවාද සබඳතා ආරම්භ කර ඇත්තේ ද එම විහාරස්ථානය මගින්. 

මේ අතර ජනාධිපතිවරයා කත්මණ්ඩු නුවරදී අද සාර්ක් මහලේකම් අම්ජාඞ් හුසේන් ද හමුවුණා. එමෙන්ම නේපාලයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග සුහද හමුවකටද ජනාධිපතිවරයා අද එක්වුණා.