Friday, January 17, 2025

General line - 0115112241

ක්‍රිකට් පිළිබඳ ක්‍රීඩා ඇමතිගේ ස්ථාවරය හෙළිකරයි




ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර ක‍්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා අද (03) අභියාචනාධිකරණයට දන්වා සිටියා. 

ඒ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග අභියාචනාධිකරණයේ ගොනු කළ රීට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.  

අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.