‘‘ජනබලය කොළඹට’’ නමින් ඒකාබද්ධ විපක්ෂය හෙට (05) සංවිධාන කරන විරෝධතා රැළිය පිළිබඳ තීරණාත්මක අවසන් සාකච්ඡාව අද (04) පැවැත්වීමට නියමිතයි.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සියලූ දෙනා සහභාගී විමට නියමිතයි. එහිදී හෙට පැවැත්වෙන රැළිය පිළිබඳ අවසන් තීන්දු තීරණ ගැනීමටයි නියමිතව ඇත්තේ.
හෙට පැවැත්වෙන විරෝධතා රැළිය පිළීබඳ විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් ද සොයිසා ප‍්‍රතිචාර දැක්වූවා.
එහිදී සඳහන් කෙරුණේ "ඒකාබද්ධ විපක්ෂය මෙතෙක් කල් කළ රැළිවලින් ප්‍රයෝජනයක් නෑ කියන එජාපයටත් ශ්‍රීලනිපයටත් ඉදිරියේදී ප්‍රතිඵල බලාගන්න පුළුවන්. රාජ්‍ය වැඩකටයුතු අඩපන කිරීමට අපි කිසිසේත්ම සූදානම් නෑ..ත්‍රස්තවාදී ක්‍රියා කිරීමටත් අපි සූදානම් නෑ..අපිට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී..නීතියේ සීමාත තුළ හිඳිමින් ආණ්ඩුවට එරෙහිව කළ හැකි සියලුම විරෝධතාවය අපි දක්වනවා." යනුවෙනි.
විරෝධතා රැළියක් කොළඹදී පවත්වන බව ප‍්‍රකාශ කර ඇතත් රැළිය පවත්වන ස්ථානය පිළිබඳ මෙතෙක් ප‍්‍රකාශයට පත්වී නැහැ. ඒ පිළිබඳ නිල තීරණය අද පස්වරුවේ හෝ හෙට (05) පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.