ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන විරෝධතා රැළිය පිළිබඳ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ඊයේ (03) පස්වරුවේ රැස්වීම පැවැත්වූයේ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවට නොපැමිණිය හොත්, ඔවුන්ට හිමි කතා කාලයද ආණ්ඩු පක්ෂයට ලබා ගැනීමට එහිදී යෝජනා වී ඇතැයි සඳහන්.
එමෙන්ම එදින මාධ්‍යවල රැළිය ආවරණය කරමින් ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන කාලයට සමාන කාලයක් ආණ්ඩු පක්ෂයටද ලබා දෙන ලෙස සියලූ මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටීමටද එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී යෝජනා වී ඇති බව වාර්තා වනවා. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ රැළිය අධීක්ෂණය කිරීමටද එහිදී යෝජනා කර ඇතැයි සඳහන්.
ඊයේ පැවැති සාකච්ඡාව පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර කාවින්ද ජයවර්ධන වැඩි දුරටත් සඳහන් කළේ "ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍යව ඇත්තේ මිනියක් මැරෙන්න..මේ එන පිරිසගෙන් කාවහරි මැරෙන්න..ඔවුන්ම සමහරවිට කාටහරි පොල්ලකින් ගහලා..මරලා පස්සේ කියයි මේක පොලිසියෙන් ගැහුවා කියලා.ඒ හරහා ජනතාවගේ අනුකම්පාව අරගෙන මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන්ද කියලා බලයි." යනුවෙනි.
පක්ෂ සංවත්සරය පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බව ඔහු කියා සිටියා. තවද ‘‘එන්ටර්ප්රයිස් ශී‍්‍ර ලංකා’’ වැඩසටහන පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.