Saturday, January 18, 2025

General line - 0115112241

අහුලා ගත් බිම් බෝම්බය පුපුරා යයි

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




මුලතිව් මල්ලාවි පාරේ මාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (03) බිම් බෝම්බයක් පුපුරා යාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය පුද්ගලයා පත්මනාදන් තිලීපන් නැමති 24 හැවිරිදි අයෙකු වන අතර තුවාල ලබා අත්තේ ජෙ. නිදර්ශන් නැමති 26 හැවිරිදි අයෙක‍්.

මේ දෙදෙනා යතුරු පැදියකින් වවුනියාව දෙසට පැමිණෙමින්  සිටියදී අවශ්‍යතාවයක් සඳහා යතුරු පැදිය නතර කොට මදක් කැළය දෙසට යාමේදී බිම වැටී තිබූ යමක් එක් අයෙකුට හමු වී තිබෙනවා.

අනෙක් අයට කතා කොට එය කුමක්දැයි විමසා පසුව එය ගලවන්නට යාමත් සමග පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වයද බරපතල බවයි කිළිනොච්චියේ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.