මොණරාගල වැල්ලවාය ප්රධාන මාර්ගයේ කුඹුක්කන දමිළ පාසල අසල ප්රදේශයේ වංගුවේ දී අද (04) උදෑසන බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වුණා.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ කොළඹ ප්රදේශයේ සිට මොණරාගල දක්වා භූමිතෙල් ප්රවාහනය කරමින් සිට ඇති බවුසරයක්.
අනතුර සිදු වන අවස්ථාවෙදී බවුසරය තුල රියදුරු සහ සහයක සිට ඇති අතර ඔවුන් ආසන පටි පැළද සිටීම නිසා ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
අනතුරට ලක් වන අවස්ථාවෙදී බවුසරය තුල තෙල් ලීටර් පහලොස් දහසක ප්රමාණයක් තිබී ඇති අතර එම තෙල් බවුසරය තුලින් කාන්දු වෙමින් පවති.
අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසනවා.