කිළිනොච්චිය දිස්ත්‍රික්කය තුළ මින් ඉදිරියට කටයුතු කිරීමේදී පළාතේ පළමු බස වශයෙන් දෙමළ භාෂාවට මුල්තැනක් දී කටයුතු කිරීමට කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා.
ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අනුව මින් ඉදිරියේදී කවර රාජ්‍ය උළෙලකදී වුවත් පළමුවෙන්ම දෙමළ භාෂාවටත් අනතුරුව සෙසු භාෂා දෙකටත් ඉඩක් ලබා දීමටයි තීරණය කොට ඇත්තේ.
නාම පුවරු, බැනර්, ග්‍රාම නාම ආදිය නම් කිරීම ඇතුලු සියළුම කටයුතු මින් ඉදිරියට සිදු කිරීමේදී දෙමළ භාෂාවට පළමු ස්ථානය ලබා දීමටත් අනතුරුව සිංහල භාෂාවෙන්ද තුන්වෙනුව ඉංග්‍රිසි භාෂාවටද තැනක් දීමට තීරණය වුණා.
මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පළාතේ ජනතාව හා විශේෂයෙන්ම වෙළෙදුන් දැනුවත් කරන මෙන් කරච්චි ප්‍රාදේශීය සභාව කිළිනොච්චියේ මාධ්‍යවේදීන්ගෙන් ද ඉල්ලීමක් කොට තිබෙනවා.