පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ 2014 වර්ෂයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ක්‍රීඩා උපකරණ මිල දී ගැනීමේදී රුපියල් පන්කෝටි තිස්එක් ලක්ෂයකට අධික මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියට අදාලව නඩුව අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබුවා.
මෙම නඩුව අලුතින් පිහිටුවා ඇති විශේෂ මහාධිකරනයේ විභාගය සඳහා යොමු කරනවා ද නැතිනම් මහාධිකරණයේ විභාගයට ගන්නවා ද යන්න පිළිබඳව අගවිනිසුරුවරයාගෙන් විමසීමක් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව මෙම නඩුව නොවැම්බර් මස 16 දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළා.
මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙසට සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අය මීට පෙර නම් කර තිබුණා.
මෙම මුදල් අවභාවිත කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය සමයේදී කැරම් බෝඩි 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදී ගැනීමේ දී බව අල්ලස් කොමිෂන් සභාව චෝදනා කර සිටිනවා.
මේ අතර සතොස මුදල් අවභාවිත කළ බව පැවසෙන සිද්ධියකට අදාළ නඩුවක් ඊයේ (03) දින කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු 03 දෙනෙකු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර නියෝග කළා.