Tuesday, May 7, 2024

General line - 0115112241

වගුරු බිමේ ගිලි මියගොස් සිටි තවත් අලියෙක්ගේ සිරුරක් හමුවෙයි

ඩිල්ෂාන් මඩවල /නිශාන් ද සිල්වා




පොළොන්නරුව තුම්මෝදර ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමක් තුළ මඬේ එරීමෙන් මිය ගිය තවත් වන අලියෙකුගේ සිරුර අද (04) සොයා ගැනුණා. ඒ අනුව මෙම ස්ථානයේදී මඬේ එරීමෙන් මියගිය අලින් ගණන දැන් 08 දෙනෙක්. මියගිය අලින් 07 දෙනෙකුගේ සිරුරු ඉකුත් සති අන්තයේ සොයා ගැණුනා. 

රාති‍්‍ර කාලයේ ආහාර සොයා පැමිණි අවස්ථාවේදී මෙම වන අලි වගුරු බිමේ එරී යළි ගොඩට ඒමට නොහැකිව මෙලෙස මියයන්නට ඇති බවටයි වන ජීවි නිලධාරීන් සැක පළ කරන්නේ.