Monday, May 6, 2024

General line - 0115112241

ඔක්තෝම්බර් සිට ලංගම වැටුප් ඉහළට

ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක වැටුප් ලබන මස පළමු වනදා සිට වැඩි කිරීමට ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (04) පොරොන්දු වුණා. ඒ, දකුණු පළාතේ සහ සෙසු පළාත්වල ඩිපෝ කිහිපයක ශ‍්‍රී ලංගම සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීයි. 

අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සැලකිල්ලට ගෙන සිය වැඩවර්ජනය අවසන් කිරීමට සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයින් එකඟ වූ බව ප‍්‍රවාහන අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව ශ‍්‍රී ලංගම සියලූ ගමන්වාර අද සිටම සාමාන්‍ය පරිදි සිදු වනු ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.