Monday, May 6, 2024

General line - 0115112241

කොලොම්පුර ශතවර්ෂයේ ඉදිවෙන දැවැන්ත මිනිස් පවුර ගැන එකාබද්ධයේ මන්ත්‍රිවරයෙක් හෙළි කරයි

සජිත් තිලකරත්න/ පසන් වික්‍රමතිලක




‘‘ජනබලය කොළඹට’’ විරෝධතා රැළිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කොළඹ අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවලදී ද අදහස් පළ වුණා. 

ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ හෙට (05) පැවැත්වෙන මෙම විරෝධතා රැළිය ශ‍්‍රි ලංකා ඉතිහාසයේ විශාලතම ආණ්ඩු විරෝධි මහජන එකමුතුව බවයි. 

කොළඹ ඉතිහාසයේ ඉදිවෙන දැවැන්ත මිනිස් පවුර තව පැය 24කින් ඉදිවෙන්න නියමිතයි. වර්ෂ 1505දී පෘතුගීසි ආක්‍රමණය කිරීමේදී ඉදලා මෛත්‍රි සිරිසේන ජනාධිපතිධුරයට පත්ව ගතවු වසර 513 ක ඉතිහාසයේ ස්වරාජ්‍ය අපිට අහිමිවීමේ සිට නැවත ඒ අහිමිවීමේ තර්ජණය ඇතිව තිබෙන මොහොත දක්වා ඕනෑම ආණ්ඩුවකට එරෙහිව ඕනෑම පාලකයෙකුට එරෙහිව ඉදිවෙන විශාල මිනිස් පවුර අගනුවරදී ඉදිවීමට නියමිතව තිබෙන බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

එක්සත් ජාතික පක්ෂ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මීට ප‍්‍රතිචාර දැක්වූවා. 

මේ ආණ්ඩු පෙරලිල්ල ගැන අහලා අපිට එපා වෙලා තියෙන්නේ. දැන් මිනිස්සු මේකට කියන්නේ හොරුන්ගේ රස්තියාදුව කියලයි. හෙට එනකොට  පෙළපාලියට මිගමුව පැත්තේ ඉදලා එන අයට පුළුවන් කටුනායකට ගිහිල්ලා රොෂේන් මැරුණ තැනට ගිහිල්ලා මලක් පුජා කරලා එන්න. හලාවත ඉදලා එන අයට පුළුවන් හලාවත ඇන්තනි මැරුණ තැනට ගිහිල්ලා මලක් පුජා කරන්න. නුවර ඉදලා එනකොට හයිලෙවෙල් ඉදලා එන අයට පුළුවන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය උනු තැනට ගිහිල්ලා මලක් පුජා කරන්න වගේම නාරාහේන්පිට ඉදලා එන අයට රවිරාජ් ඝාතනය වුනු තැනට ගිහිල්ලා මලක් පුජා කරන්න. චින්නුට කොළඹ හදවත විකුණපු අය තමයි හෙට ඔය කොළඹට එන්නේ යනුවෙන් මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර සිටියා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ විරෝධතා රැළිය වෙනුවෙන් තමන් විසින් කල් ඇතිව කෙරුණු වෙන්කිරීම් කොළඹ මහ නගර සභාව විසින් අවලංගු කර ඇති බවයි. 

මාධ්‍යවේදීන් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මීට ද ප‍්‍රතිචාර දැක්වූවා. 

‘‘ජනබලය කොළඹට’’ විරෝධතා රැළිය බලය යොදවා මර්දනය කිරීමට ද ආණ්ඩුව උත්සහ කරන බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ. එසේ තිබියදී ඔවුන් අද කැඳවා තිබූ මාධ්‍ය හමුව ආරම්භ කරමින් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා පැමිණ සිටි පිරිස පිළිගත්තේ මෙලෙසයි. 

මේ අතර බලය යොදවා විරෝධතා රැළිය මර්දනය කිරීමට උත්සහ කරන බවට වන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.