Saturday, January 18, 2025

General line - 0115112241

දිනේෂ් ගුණවර්ධන බොරු චෝදනා නගනවා-කතානායක

සමන්ත කුමාර




ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී හෙට (05) පැවැත්වීමට නියමිත ‘‘ජනබලය කොළඹට’’ විරෝධතා රැළිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (04) උණුසුම් තත්වයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග යටතේ කළ කරුණු දැක්වීමක් සමඟයි. 

මේ වන විට රැස්වීමේ නිදහස පවා තහනම් කරන්න පටන් ගෙන තිබෙනවා. පාර්ලිමෙන්තුවේ ආරක්ෂාවට කියලා වැලිකඩ පොලිසිය අධිකරණයට ගිහිල්ලා නියෝගයක් ගන්න හදනවා මහජනතාව " ජනබලය කොළඹට" නමින් පැමිණීම වලක්වන්න. අලුත්කඩේ උසාවියේ අධිකරණ නියෝගයන් ඉල්ලනවා. තවත් උසාවි වලින් නියෝගයන් ඉල්ලනවා. මෙහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා දැක්වූ අදහස් පහත හඬ පටයෙන් 

අග‍්‍රාමාත්‍යවරයාට පෙර කථානායක කරූ ජයසූරිය මහතා මීට ප‍්‍රතිචාර දැක්වූවා. 

කතානායකවරයා ලෙස මම කිසිම අවස්තාවක මම පොලිසියට පැමිණිල්ලක් කරලා නැහැ. මොනයම් හෝ දෙයක් සිදුවුනොත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා බොරු ගොත ගොත කතානයකවරයාව අපහසුතාවයට පත්කරන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ කිසියම් දෙයක් උනොත දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ඒ සිදුවීම මගේ පිටින් යවන්න හදනවා යැයි මෙහිදී කතානායකවරයා සදහන් කර සිටියා.

කථානායකවරයාගේ මෙම පැහැදිලි කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ඇසූ ප‍්‍රශ්නවලට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද පිළිතුරු ලබාදුන්නා. 

හෙට නිවාඩු දිනයක් නෙමෙයි. ඒ නිසා මහජනතාවගේ ගමනා ගමනයට බාධාවක් නොවන ලෙස පුද්ගලික සහ රාජ්‍ය ප්‍රවාහන සේවය ආරක්ෂා කරන්න කටයුතු කළා. මේ උද්ඝෝෂණයට සහය දක්වන සමහර මන්ත්‍රිවරු මට කිව්වා අපිට කොළඹට එන්න ඉඩ ලැබෙන්නේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ තියෙන හොදකම නිසා කියලා. සමහර අය පුද්ගලික මාධ්‍ය ආයතන වලට තර්ජණය කරලා තියෙනවා. මේ උද්ඝෝෂණය ආවරණය කරන්න කියලා නැත්නම් ඒ අයගේ කාර්යාල වටලනවා කියලා. සමහර අය කියලා තියෙනවා ගෝඨාභය විතරක් පෙන්නන්න එපා අපිවත් පෙන්නන්න කියලා. දැන් තමයි ටිකෙන් ටික හොද හොද දේවල් එලියට එන්නේ යැයි මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරද මෙම සංවාදයට එක්වුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ද මෙහිදී අදහස් දැක්වූවා. 

පාර්ලිමේන්තුවේ මෙම උණුසුම් සංවාදය අතරතුර ආණ්ඩුව විසින් ඉදිරිපත් කෙරුණු යෝජනා කිහිපයක් සම්මත කර ගැනුණා. අනතුරුව පාර්ලිමේන්තුව හෙට (05) දිනය දක්වා කල් තැබුණා.