Saturday, January 18, 2025

General line - 0115112241

හිටපු ජනපති හා නාමල්ගේ පෙළපාලි යාමේ අයිතිය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින රජයේ ඇමතිවරයා

දිනුක් හේවාවිතාරණ/ චම්ලි ඒකනායක




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ ගේ පෙළපාලි යාමේ අයිතිය වෙනුවෙන් තමන් දිවිහිමියෙන් පෙනී සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (04) සවස මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කළ අමත්‍යවරයා කියා සිටියේ විරෝධතාවයක් දක්වන්නේ නම් ඒ පිළිබඳව යම් පිළිගත් සම්ප්‍රදායක් පවතින බවත් මේ දක්වා මෙම විරෝධතාවය ආරම්භ වන ස්ථානය එය ගමන් කරන්නේ කොහේටද යන්න ගැන කිසිවෙකුත් නොදන්නා බවයි. අවම වශයෙන් මෙම විරෝධතාවයට සහභාගිවන විරෝධතාකරුවන් පවා මේ ගැන කිසිවක් නොදන්නා බවයි ඇමතිවරයා මෙහිදී සදහන් කර සිටියේ.

මේක නාමල් රාජපක්ෂව නඩු වලින් බේර ගන්න ඔහුගේ පියාගේ පාක්ෂිකයින් බිල්ලට දෙන්න යන බිලි පුජාවක්. නමුත් මම කියනවා නාමල් රාජපක්ෂට ඒ බිල්ල අපේ පැත්තෙන් නම් ගන්න ඔබලා බලාගෙන ඉන්නේ ඔබගේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ කියලා. මොකද පෙළපාලි යාමේ අයිතිය අපි පිලිගන්නවා වගේම කාටවත් අපි අත තියන්නේ නැහැ යැයි අමත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

හෙට දිනයේදී ජනබලය කොළඹට යන මැයෙන් පැවැත්වීමට නියමිත රැස්වීම සදහා වෙන් කර ඇති ක්‍රීඩාංගන පහක් ලබා නොදීමට නගර සභාව තීරණය කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාව ඇමතිවරයා ප්‍රතික්ෂේප කර සිටියා.