වීරවිල එළිමහන් වැඩ කඳවුරේ නියාමකවරයෙකු එම කඳවුරේ රැඳවූවන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන බවට නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනින් කෙරුණු අනාවරණයක් අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වීරවිල එළිමහන් වැඩ කඳවුරේ සහාකර බන්ධනාගාර අධිකාරීවරයා නෙත් එෆ්. එම්. රේඩියෝවෙන් ඉල්ලා සිටියේ මෙම අනාවරණයට අදාළ හඬපට, වීඩියෝපට සහ තොරතුරු ද ඔවුන් වෙත ලබාදෙන ලෙසයි.
උපුල් චන්දන නමැති නිලධාරියෙකු අක‍්‍රමිකතාව සිදු කර ඇතැයි නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහන ඉකුත් 03 වැනිදා අනාවරණ කළා.
(එම වැඩසටහන පහතින් දැක්වෙයි)