නිට්ටඹුව - කටුනායක ප්රධාන මාර්ගයේ නිට්ටඹුව සිට වේයන්ගොඩ දක්වා කොටසේ දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ හොරගොල්ල ප්රදේශයේ මාර්ග අලූත්වැඩියාවක් සිදු කෙරෙන ස්ථානයක ජල නලයක් කැඞීයාම හේතුවෙන් බොහෝ වාහන විකල්පයක් ලෙස නිට්ටඹුව - කටුනායක මාර්ගය භාවිත කරන බවයි.
එහි රථ වාහන තදබදයක් ඇති වී තිබෙන්නේ ඒ නිසා බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.