Wednesday, May 8, 2024

General line - 0115112241

කොළඹ ආරක්ෂාව තර කෙරේ (PHOTOS)

මහේෂ් චතුරංග/පසන් වික්‍රමතිලක/ලහිරු කපුගේ




‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව හේතුවෙන් කොළඹ ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ක්ෂේත‍්‍ර චාරිකාවල නිරත වන නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ අරලියගහ මන්දිරය අසළ ජල ප‍්‍රහාරක රථ 03ක් ස්ථානගත කර තිබෙන බවයි.

එමෙන්ම ලෝටස් වට රවුමේ ද ජල ප‍්‍රහාරක රථ සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් ස්ථානගත කර ඇති අයුරු දක්නට ලැබුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අසළ පොලිස් නිලධාරීන් සහිත පොලිස් ට‍්‍රක් රථ 03ක් ස්ථානගත කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

බත්තරමුල්ල දියත උයන සහ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේද මෙලෙස පොලිස් ආරක්ෂාව තර කර තිබෙන අයුරු දැක ගන්නට ලැබුණා. 

එමෙන්ම කොල්ලූපිටිය, බම්බලපිටිය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ද පොලිස් නිලධාරීන් යොදා සිටින අයුරු දක්නට ලැබුණා. 

අලුතින් පිහිටවූ විශේෂ අධිකරණයට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ද අද (05) දිනයේ විශේෂ ආරක්ෂාවක් ලබාදෙන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.