ලබන මස පළමු වැනිදා සිට රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය විධිමත් කෙරෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසුවා.
එහිදී ඔහු සඳහන් කළේ "මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දැනට ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය නිකුත් කරන ලංකා ඔටෝමොබයිල් කියන මෙම පාර්ශ්ව දෙක සම්බන්ධ කර ගන්නවා. ඔටෝ මොබයිල් වෙත දිනකට පුහුණු පරීක්ෂණ 75ක් කරන්නත් ලංකා ගමනාගමන මණ්ඩලයට 25ක් කරන්නත් ආදී වශයෙන් දිනකට 100ක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔක්තෝම්බර් 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමයි ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරන ස්ථානය සහ පුද්ගලයින් තීරණය කරලා යොමු කරන්නේ. ඒ සඳහා අමතර කිසිඳු මුදලක් ගෙවන්න ඕනේ නෑ.. සියලු ගෙවීම් කරන්න ඕනේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. මේ හරහා කිසිඳු ආකාරයකට රියදුරන් පුහුණු කරන පාසලකට කිසිඳු බලපෑමක් වෙන්නේ නෑ..ගාස්තුවක් වැඩි වෙන්නෙත් නෑ.. ඔවුන්ට පහසුවක් තමයි සැළසෙන්නේ." යනුවෙනි.