Thursday, May 9, 2024

General line - 0115112241

බැලුම්ගල දුන් ඔත්තුවෙන් වාහන චැසි අංක වෙනස් කරන කල්ලිය කොටු




නෙත් එෆ්. එම්. බැලුම්ගල කණ්ඩායමක් ලබාදුන් තොරතුරක් අනුව වාහනවල චැසි අංක සහ එන්ජින් අංක කූඨ ලෙස වෙනස් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය විසින්.

සොරාගත් වාහනවල චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර අලෙවි කිරීමේ ජාවාරමක් සැකකරුවන් විසින් පවත්වාගෙන ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් පිළියන්දල පොලිසියට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් අද (05) කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.