Wednesday, May 8, 2024

General line - 0115112241

ලේක්හවුස් වටරවුමේ සත්‍යග‍්‍රහයේ නිරත පිරිස පන්දම් දල්වති (PHOTOS/UPDATE)

දිනුක් හේවාවිතාරණ / සජිත් තිලකරත්න / පසන් වික්‍රමතිලක




කොළඹ ලේක්හවුස් වටරවුමේ සත්‍යග‍්‍රහයේ නිරතව සිටින පිරිස මේවනවිට පන්දම් සහ ඉටිපන්දම් දල්වා සිය විරෝධය දක්වන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. විරෝධතාව හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආශි‍්‍රත මාර්ගවල තවමත් පවතින්නේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි එහි සිටින අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කලේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු මොහොතකින් විරෝධතාකරුවන් සමග එක්වීමට නියමිතයි. 

 

 

....................................................................................

හිටපු ජනපති ලේක්හවුස් වටරවුම දෙසට

(05-09-2018 17:48)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය ආධාරකරුවන් සමග මේ වන විට කොළඹ කොටුවේ සිට ලේක්හවුස් වට රවුම දෙසට පැමිණෙමින් සිටියි. 

හිටපු ජනාධිපතිවරයාට අමතරව ගෝඨාභය රාජපක්ෂ සහ විමල් විරවංශ, සුසීල් ප්‍රේමජයන්ත ඇතුළු දේශපාලඥයින් පිරිසක් එම විරෝධතා පාගමනට එක්වී සිටියි.

 

............................................................................................................

පිටකොටුව ඇතුළු මාර්ග කිහිපයක් මහජනතාව අහුරා දමයි

(05-09-2018 16:39)

ජනබලය කොළඹට විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට කොළඹ පිටකොටුව, කොටුව, ලේක්හවුස් වටරවුම, ලෝටස් පාර මේ වන විට වාහන ධාවනය සිමාවී ඇති බව වාර්තා වෙනවා.

මරදාන සහ පුරහල දෙසින් පැමිණි විරෝධතාකරුවන් මේ වන විට ලේක්හවුස් වටරවුම අසල මහ මාර්ගයේ බිම වාඩිවී සිටිම නිසා ඒ හරහා වාහන ධාවනය සිදුනොවන බවයි එහි සිටින අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ.

...............................................................................................

 හිටපු ජනපති " ජනබලය කොළඹට" පැමිණෙයි 

(05-09-2018 16:36)

ජනබලය කොළඹට විරෝධතා රැළියට සහභාගිවීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පිටකොටුව බෝගස් මංසන්ධිය අසලට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා එහි සිට දක්වා විරෝධතාකරුවන් සමග පාගමනින් ගාලුමුවදොර වටරවුම දෙසට පැමිණෙමින් සිටියි.

.......................................................................................

ජනබලයට ගෝඨාභය එක්වෙයි 

(05-09-2018 16:16)

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මිට සුළු මොහොතකට පෙර එක්වූ බව අප වාර්තාකරු සදහන් කර සිටිනවා. 

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට හිටපු ආරක්ෂක ලේකම්වරයා පාගමනින් පැමිණ පිටකොටුව බෝගහ මංසන්ධිය අසලදී රැලියට එක්ව තිබෙනවා.

ඊට අමතරව සුසිල් ප්‍රේමජයන්ත වාසුදේව නානායක්කාර විමල් විරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් රැසක් මෙම විරෝධතාවයට එක්ව සිටින බව සදහන්.

...................................................................................................

ඒකාබද්ධ රැලිය එකතු වෙන තැන මෙන්න 

(05-09-2018 15:58)

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ආරම්භවූ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයේ විරෝධතා රැලි ලේක්හවුස් වටරවුම අසලදී එකට එක්වීමට නියමිතව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙක් සදහන් කර සිටිනවා.

ලේක්හවුස් වටරවුම අසලින් එකතු වෙන විරෝධතා පාගමන් කරුවන් ඉන් අනතුරුව පිටකොටුව බෝගහ මංසන්ධිය අසලට ඒකරාශි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 මේ වන විට විරෝධතා පාගමන්කරුවන් ලේක්හවුස් වටරවුම අසලට ඒකරාශී වෙමින් පවතින අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.

.................................................................................................

 හිටපු ජනපති බෝගහ අසලදී රැළියට එක්වෙයි - නාමල් රාජපක්ෂ  හිටපු ජනපති බෝගහ අසලදී රැළියට එක්වෙයි - නාමල් රාජපක්ෂ 

(05-09-2018 14:58)

ජනබලය කොළඹට මැයෙන් පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කොළඹ පිටකොටුව බෝගහ මංසන්ධිය අසලදී එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ටිව්ටර් පණිවිඩයක් මගින් සදහන් කර සිටියා.