Tuesday, May 7, 2024

General line - 0115112241

වීරකැටියේ සිට විරෝධතාවයට ආ පිරිසක් ලෙඩ වී ජාතික රෝහලේ

චම්ලි ඒකනායක




ජනබලය කොළඹට විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමැණි පිරිසක් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාල පිරිසට ලබා දුන් කිරි පැකැට්ටු පානය කිරීමෙන් අනතුරුව ඔවුනට ඇතිවූ උදරාබාධ තත්ත්වය හේතුවෙන් මෙලෙස රෝහල් ගතකොට සිටිනවා. දැනට 30 දෙනකු පමණ රෝගීව සිටින බවයි විරෝධතාවයට සහභාගී වූ අයෙකු පැවසුවේ. තවත් පිරිසක් බාහිර රෝගී අංශයේද සිටින බැව් වාර්තා වනවා. 

ලබා දී තිබූ කිරි පැකැට්ටුවේ කුඩා සිදුරු දක්නට ඇති බව පසුව දැකගත හැකි වූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. හම්බන්තොට වීරකැටියේ සිට පිමිණි පිරිසක් මෙසේ රෝගීව සිටිනවා.

උදරාබාධය හේතුවෙන් පිරිසක් රෝහල්ගතව ඇති බව රෝහල් ආරංචිමාර්ගද සනාත කළා.