Tuesday, May 7, 2024

General line - 0115112241

ඒකාබද්ධයේ දේශපාලඥයින් කොළඹ හෝටල් වෙන්කරවා ගනියි : ආධාරකරුවන් මහ පාරේ තොවිල් නටයි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ / චම්ලි ඒකනායක




ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී සිටින ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ සමිපතයින් අද (05)රාත්‍රියේදී නවාතැන් ගැනීම සදහා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක කාමර වෙන් කරවාගෙන ඇති බවට වාර්තා වනවා.

මේ අතර ජනබලය විරෝධතාවයට පැමිණ සිටින විරෝධතාකරුවන් මේ වන විටත් ලේක්හවුස් වටරවුම අසල මාර්ගයේ වාඩිවී සිටින අතර මහින්දානන්ද අලුත්ගමගේ, සනත් නිශාන්ත සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රිවරුන් රාත්‍රි 10 පමණ වන විටත් විරෝධතාකරුවන් අතර රැඳී සිටින අයුරු දක්නට ලැබුනා.

මේ අතර විරෝධතාකරුවන් ලෝටස් වටරවුම අසල රාත්‍රි කාලයේදී රැස්ව සිටිය අතර එම ස්ථානයේ වත්මන් ආණ්ඩුවට එරෙහිව පහත රට සාම්ප්‍රදායික යාතිකර්මයක් සිදුකළා.