Tuesday, May 7, 2024

General line - 0115112241

ඒකාබද්ධයේ රැළියට පැමිණි පුද්ගලයෙක් මරුට : තවත් 81ක් රෝහල් ගත කරයි

දිනුක් හේවාවිතාරණ




ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ "ජනබලය කොළඹට" විරෝධතා ව්‍යාපාරය සදහා සහභාගී වූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සදහන් කරනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. හෘදයාබාධයක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කර සිටියා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් පි. පෙරේරා සදහන් කර සිටියේ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වීමට පැමිණි පුද්ගලයින් 81 ක් දෙනෙකු සුව සැරිය ගිලන් රථ සේවය මගින් රෝහල් කරා ගෙන ගොස් ඇති බවයි.

අධික ලෙස බිමත්ව සිටි මෙම පුද්ගලයින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පිහිටි මාර්ගයන් අසල වල ඇඳ වැටී සිටියදී සුව සැරිය ගිලන් රථ සේවය මගින් රෝහල් කරා ගෙන ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේ.