Saturday, May 18, 2024

General line - 0115112241

කොළඹ වටලන්න ආපු අයට වෙච්ච දේ එජාපය කියයි

තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර/ලහිරු කපුගේ/මහේෂ් චතුරංග




කිසිඳු බියකින් හෝ සැකයකින් තොරව අද (06) දිනයේ පාසල් සඳහා සහ රාජකාරී සඳහා කොළඹ නගරයට පැමිණෙන්නැයි ආණ්ඩුව දැනුම් දෙනවා.

අද දිනයේ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නංවා ඇති බවයි අවධාරණය කෙරුණේ. ඊයේ දිනයේ මෙන්ම අද දිනයේ ද කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර සඳහන් කළා. 

විරෝධතාව සංවිධාන කළ දේශපාලඥයින්ට නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ "ඒගොල්ලෝ අද දිනයේත් ඉන්නවා නම් මේ විරෝධතාවය ඉදිරියට අරගෙන..ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. හැබැයි මහජනතාවට බාධා කරන්න බෑ.. එතුමාලා ආවේ කොළඹ වටලන්න.. කොළඹ වටලනවා කියපු කට්ටිය..ස්ථාන පහ හයක ක්‍රීඩාංගණ වෙන් කරගත්තු කට්ටිය..අන්තිමට දවල් වෙනකොට දැනගත්තා සහභාගී වෙච්ච පිරිස බොහෝම අල්පයක් කියලා. ඒ නිසා තීරණය කළා ලේක්හවුස් වටරවුමට ඇවිත් එකතු වෙන්න." යනුවෙනි.

විරෝධතාව පිළිබඳ ප‍්‍රතිචාර දැක්වීම සඳහා ඊයේ රාත‍්‍රියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.  එහිදී රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේ මෙම රැළියට පැමිණ බීමත්ව මග ඇද වැටී සිටි පුද්ගලයින් විශාල පිරිසක් සුව සැරිය ගිලන් රථ සේවාව මගින් රෝහල් කරා රැගෙන ගිය බවයි.

විරෝධතා රැළිය අසාර්ථක බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.