Sunday, May 19, 2024

General line - 0115112241

තැපැල් ගාස්තු සංශෝධනය වන ආකාරය පැහැදිළි කරයි

සමන්ත කුමාර




තැපැල් ගාස්තු සංශෝධනය වන ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ (05) අදහස් පළ වුණා.

එහිදී අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේ "2010 වසරේ තියෙන ඇස්තමේන්තුව මත ග්‍රෑම් 20ක ලිපියක් බෙදා හැරීමට යන වියදම රුපියල් 18ක්. අද වෙනකොට ඒ වියදම ඊට වඩා ගොඩාක් වැඩියි. ඒ නිසා පෞද්ගලික ලිපි තැපෑල පමණක් රුපියල් 10ට තිබූ ඒ ලිපි තැපෑල රුපියල් 15 දක්වා වැඩි කරන්නට කටයුතු කරලා තියෙනවා.  ව්‍යාපාරික ලිපි තැපෑල වෙනස් නොකරන බව දැනුම් දෙනවා. පාසල් තැපෑල වැඩිපුරම භාවිතා කරන එකක් නිසා මිල අඩු කිරීමක් මේ ගැසට් පත්‍රයෙන් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ලියාපදිංචි තැපැල් සේවා විමසීම් ගාස්තු අය කිරීම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. තැපැල් හැඳුනුම්පත් සේවාව නොවෙනස්ව පවතින මිලම අය කරමින් පවත්වාගෙන යනවා. පුණ්‍ය ආයතනවලටත් කිසි වෙනසක් සිදු නොකරන බවත් අමාත්‍යාංශය දන්වලා තියෙනවා." යනුවෙනි.