Sunday, May 19, 2024

General line - 0115112241

වාහන චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කිරීමේ ජාවාරම අද බැලුම්ගල තුළින්




නෙත් එෆ්. එම්. බැලුම්ගල ලබාදුන් තොරතුරක් අනුව වාහනවල චැසි අංක සහ එන්ජින් අංක කූඨ ලෙස වෙනස් කිරීමේ ජාවාරමේ තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වෙමින් තිබෙනවා. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව වාහන 64ක චැසි සහ එන්ජින් අංක වෙනස් කර ඇති බවටයි හෙළි වී ඇත්තේ.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය විසින් පිළියන්දල, බෝකුන්දර ප‍්‍රදේශයේ කරන ලද වැටලීමේදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

සැකකරුවන් විසින් ව්‍යාජ ලෙස චැසි සහ එන්ජින් අංක වෙනස් කිරීමට යොදා ගනු ලැබූ උපකරණ තොගයක්ද පසුව පොලිස් භාරයට ගැණුනා. ඒ, මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් ප‍්‍රදේශයේදීයි.

පොලිස් භාරයට ගැනුණු තාක්ෂණික මෙවලම්, දත්ත විශ්ලේෂණයක් සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට භාර දීමට නියමිතව තිබෙනවා. සැකකටයුතු වාහනවලට අදාළ තොරතුරු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත භාර දීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම මෙහෙයුම පිළිබඳ අනාවරණ කෙරෙන විශේෂ නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහන අද (06) ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් පසුව ප්‍රචාරය කෙරුණා.