Sunday, May 19, 2024

General line - 0115112241

බිම් බෝම්බ පිපිරුමෙන් සැමියා මළ සොවින් බිරිඳ වසබී අසාධ්‍යයි

මාධව කුලසූරිය -වවුනියාව




මුලතිව්,මාන්කුලම,මල්ලාවි මාර්ග‍ය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී බිම්බෝම්බයක් පුපුරායාමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයකු වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පැවසුවා.

එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ වවුනියාව ඕමන්තහි පදිංචි ආර්.නිදර්ශන් නමැති 25 හැවිරිදි තරුණයෙකි. ඔහු බරපතල තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වු තරුණයාගේ බිරිඳ වන එන්. සාරදා නමැති 22 හැවිරිදි තරුණියක්ද සිත් තැවුල දරා ගැනීමට නොහැකිව වස පානය කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසුවා. ඇයගේ තත්වයද බරපතල වන බවයි වවුනියාව රෝහල ආරංචි මාර්ග සදහන් කළේ.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් නමැති ජාත්‍ය න්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු බිම් බෝම්බ නිශ්ක්රීිය කිරීමේදී අනතුරට ලක්ව තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය හා වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාන්කුලම පොලිසිය පැවසූවේ මෙම පිපිරීමෙන් කිලි‍නොච්චිය ප්‍රදේශයේ පදිංචි පද්මනාදන් දිලීපන් නමැති 28 හැවිරිදි තරු‍ණයෙකු 03 වැනිදා අදාළ ස්ථානයේදීම මීට පෙර ජිවිතක්ෂයට පත්වු බවයි.