Sunday, May 19, 2024

General line - 0115112241

අධි මාත්‍රා මත්පෙති කන්ටේනරයක් අල්ලයි




කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී අධි මාත්‍රා මත් පෙති කෝටියකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

මෙය ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණ ලිබියාව වෙත රැගෙන යාමට තිබූ කන්ටේනරයක් බවත් අනාවරණය වී තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යාංශය සහ රේගු නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කළා.

මේ තුළ ඇති අධි මාත්‍රා මත් පෙති වෙනත් අධි මාත්‍රා මත් පෙති නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ඒවා බවද හෙළිව තිබෙනවා.

මෙම අධි මාත්‍රා මත්පෙතිවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ. එහි තිබී ඇති පෙති තොගයේ ප්‍රමාණය එක්කෝටි පනස් ලක්ෂ පනස්දහස් එකසිය හැත්තෑවක් වනවා.