Sunday, May 19, 2024

General line - 0115112241

දැරියක් දූෂණය කළ තරුණයින් තිදෙනෙක් අල්ලයි - ප්‍රදේශවාසීන් දැක පොලිසියට දැනුම් දෙයි

ජයන්ත වීරසේකර 




වයස අවුරුදු දාහතරක (14) පාසල්  දැරියක් දූෂණය කල තරුණයන් තිදෙනෙකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඊයේ (05) දින තරුණයන් දෙදෙනකු සමග පාලු නිවසක් වෙත ගොස් එම තරුණයන් දෙදෙනා සමග පාලු නිවසේ සිට ඇති අතර එම සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් විසින් සෙවනගල පොලිසිය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව මෙම දැරිය සමග අනෙක් තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව දැරියගෙන් සිදු කල ප්‍රශ්න කිරිම්වලදී පසුගිය වර්ෂයේදී තවත් තරුණයෙක් සමග තමන් මෙලෙස ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට පොලිසියට පවසා තිබෙනවා. පසුව පොලිසිය විසින් අදාළ සැකකාර තරුණයා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17, 20 සහ 22 යන වයස්වල පසුවන අතර සැකකරුවන් අද (06) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර සෙවනගල පොලිසිය විමර්ශන සිදු කරනවා.