Sunday, May 19, 2024

General line - 0115112241

ඥාණසාර හිමිව යළිත් ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි




බන්ධනාගාර රෝහලේ සිටි පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඉකුත්දා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේදී ඥාණසාර හිමියන්ට ශල්‍ය කර්මයක් සිදුකළා. පසුව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඥාණසාර හිමියන්ව වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන ගියා.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනිදා අධිකරණයට අපහාස වන පරිදි හැසිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් මේ වනවිට වසර 06ක බරපතල වැඩසහිත සිරදඬුවමකට නියමවී සිටිනවා.