Saturday, January 18, 2025

General line - 0115112241

ගාල්ල කොටුව ස්ථානයකින් පැරණි සොහොන් කොත් දෙකක පලක හමුවෙයි

ලලිත් චාමින්ද




ලෝක උරුම ගාල්ල කොටුව පෙඩරල් විදියේ ඉඩමක සිදුකරනු ලබන කැනීමකදී වසර 300 කට වඩා පැරැණි බව කියන සොහොන් කොත් දෙකක පලක  හමුවී තිබෙනවා.

ගාල්ල මාතර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්ති අලහකොන් සඳහන් කළේ මෙකී ඉඩමේ සංවර්ධන කටයුතු කිරීම සඳහා කළ ඉල්ලීමක් සැලසුම් කමිටුවට ඉදිරිපත් කොට තිබු අතර  ඒ අනුව  හානි ඇගයුම් වාර්තාවක් ලබාදීම සඳහා ගාල්ල පුරාවිද්‍යා කාර්යාලය මගින් මෙහි කැනිම් කටයුතු ආරම්භ කරණු ලැබූ බවයි.

එම කැනීමේදී සොහොන් කොත් දෙකක පලක දෙකක් හමුවී ඇති අතර තවදුරටත් එහි කැනිම් කටයුතු සිදුකරණ බවද  පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරිය සඳහන් කළා. තවමත් එහි පලකවල අකුරු කියවා ගත නොහැකි බවත්  සහකාර අධ්‍යක්ෂකවරිය පැවසුවා. 

මෙකී ස්ථානය ලන්දෙසින්  විසින් 1710-1850 දක්වා  කාලය තුළදී ඔවුන්ගේ ප්‍රභුන්ගේ මළ සිරුරු තැන්පත් කිරීම සිදුකර ඇති බවට ලිඛිත සාධක තිබෙන බවද සඳහන්.

පසුගිය නගර සභා පාලන කාලය තුළදී  නගර සභාව විසින් මෙකී ස්ථානය බදු පදනම යටතේ ආයෝජකයෙකුට පවරා දී තිබුණා.