යාපනයේ ස්ථාන තුනකදී නිවාස පහකට පහරදී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පිරිස පලාගොස් ඇතැයි සඳහන්. පලාගිය සැකකරුවන් සෙවීම සදහා පොලීසිය සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ආවා කල්ලියේ සාමාජිකයන් පිරිසක් මෙම පහරදීම් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. පහරදීම සදහා යතුරුපැදි 5 කින් පුද්ගලයින් 10 දෙනෙකු පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.