විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාව බලා රැුගෙන යෑමට තැත් කළ ශ්රී ලාංකික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. 60 හැවිරිදි ඇය මීගමුව ප්රදේශයේ පදිංචි ව්යාපාරික කාන්තාවක්.
ඇගේ ගමන් මල්ලේ තිබී රුපියල් තිස් හත් ලක්ෂ විසිහත් දහස් තුන්සිය හතලිස් හතරක් වටිනා ඇමෙරිකානු ඩොලර් සහ ස්විස් ෆ්රෑන්ක් තොගයක් සොයා ගැණුනා.