Friday, May 17, 2024

General line - 0115112241

ජනබලයටවත් එන්න කිව්වේ නැහැ! මහින්ද සෙවනේ සිටි සභාපති රනිල් සෙවන පතයි!

චම්ලි ඒකනායක/ රංජිත් රාජපක්ෂ




තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන තමන් ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට තිරණය කළ බව එම සභාවේ සභාපති අශෝක සේපාල පවැසුවා. ඒ අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්.

අශෝක සේපාල කියා සිටියේ ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් තමන් විශාල සේවයක් සිදු කළ බවත්,  එම පක්ෂයේ නායකයින්ගෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවු නිසා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට තිරණය කල බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කළ ප්‍රබලයින් රැසක් තමන් සමග එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නා බවද අශෝක සේපාල එහිදී පැවසුවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කැපවිමෙන් කටයුතු කළ තමන්ට ඉකුත් පලාත් පාලන මැතිවරණයේදි තරග කිරිමට පවා අවස්තාව ලබා නොදිම හේතුවෙන් තමන් ස්වාධිනව තරග කර තලවකැලේ ලිදුල නගර සභාවේ පාලන බලය ලබා ගැනිමට කටයුතු කළ බවද ඔහු පැවසුවා.

සී. බී රත්නායක මන්ත්‍රීවරයාගේ අකටයුතුකම් හේතුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා පවා නොලැබ ස්වාධීනව තරගකොට නගර සභාවේ සභාපතිධූරයද ලබා ගත් තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සියළු දෙනා දැනුවත් කළද තමන්ට සාධාරණයක් ඉටු නොවුණ බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි ඔහු අප සමග පැවසුවේ. අඩුම තරමේ ඊයේ (05) පැවති ජනබලය විරෝධතාවයට හෝ ඇරයුමක් නොලද බැවින් කලක් පැවති කලකිරීම වැඩිවූ බවයි ඔහු පවසන්නේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට කැමති බව දැනුම් දිමෙන් පසු අග්‍රාමාත්‍යවරයා එයට එකග වු බව නවින් දිසානායක අමාත්‍යවරයා තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි අශෝක සේපාල කියා සිටියේ.