Tuesday, May 21, 2024

General line - 0115112241

අවයව බද්ධ කිරීමට ගුවන් හමුදාවේ සහය ගන්න නව නීතී හදනවා - සුව ඇමති




බද්ධ කිරීමේ සැත්කම් සදහා අවශ්‍ය අවයව ගුවන් මගින් ප‍්‍රවාහනය කිරීම සදහා නීති සැකසීමට පාර්ලිමේන්තුව වෙත කෙටුම්පතක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ වනවිට රටපුරා රෝහල් රැසක අවයව බද්ධ කිරීම් සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සිහිපත් කළේ.

ඒ සදහා අවශ්‍ය අවයව රෝහල් වෙත කඩිනමින් ගෙන්වා ගැනීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගැනෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් ඊට අවසර ගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංදේශයකින් පමණයි. නීති පැනවීම සදහා කෙටුම්පතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු වනවා.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්ද අදහස් ලබාගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. බද්ධ කිරිම් සදහා අවශ්‍ය පහසුකම් වැඩි කිරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවා.