Tuesday, May 21, 2024

General line - 0115112241

මීළඟ මැතිවරණයෙන්ද ආණ්ඩු බලය ගන්නවා - අගමැති

ලහිරු කපුගේ




මීළඟ මැතිවරණයෙන්ද ආණ්ඩු බලය ලබාගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. විවිධ ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවුවද ගතවූ වසර කිහිපයේදී රට ඉදිරියට ගෙනයාමට හැකි වූ බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. අද පැවති එක්සත් ජාතික පක්‍ෂයේ 72 වන සංවත්සර සමුළුව  අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂය දැන් උත්සාහ කළයුත්තේ රාජ්‍ය නායකත්වය දිනාගැනීමට බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී මෙම සංවත්සරික සමුළුව පැවැත්වුණා.