Tuesday, May 21, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නා තැන එස්.බී හෙළි කරයි

මහේෂ් චතුරංග




ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැන් සිටින ස්ථානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක අද ඉඟයක් පළ කරමින් පැවසූවේ සිංගප්පූරුවේ තානාපති රැකවරණ යටතේ ඔහු සිටිනා බවයි. දැනට සිංගප්පූරුවේ සිටින තානාපතිවරයා ගේ සේවා කාලය අවසන්ව ඇතත් ඔහු මෙරටට නෙගෙන්වා අර්ජුන් මහේන්ද්‍රන්ට රැකවරණය ලබා දෙන බවයටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බි දිසානායක එම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.