Friday, May 17, 2024

General line - 0115112241

දිනේෂ් එවූ ලිපිය ගැන කතානායක කනාගාටු වෙයි




ඉන්දියාවේ සිදු කෙරෙන පක්‍ෂ නියෝජිතයන්ගේ සංචාරයක් සදහා කෙරුණු ආරාධනයක් ප‍්‍රතික්‍ෂේප කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන එවූ ලිපියකට කතානායක කරූ ජයසූරිය මහතා අද ප‍්‍රතිචාර දැක්වුවා. ඒ, මෙම සංචාරය සදහා එක්වන්නැයි පක්‍ෂ නියෝජිතයන්ට තමන් ආරාධනා කළේ ඔවුන්ගේ පදවි පිළිබද සැලකිලිමත් වෙමින් නොවන බව පෙන්වා දෙමින්.

විපක්‍ෂ නායක ධුරය සහ මෙම සංචාරය අතර ගැටළුවක් හා වැරදි හැගීමක් ඇති කර ගැනීම පිළිබදව කණගාටුවන බවද කතානායකවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. අදාළ සංචාරය ඉන්දීය රජයේ ආරාධනයක් අනුව සිදු කෙරෙන බවයි කතානායකවරයා වැඩිදුරටත් පැවසුවේ.