Tuesday, May 21, 2024

General line - 0115112241

ජල සම්පාදන මණ්ඩලයෙන් ජල පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නැවත ඉල්ලීමක් කරනවා. එහි සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ පවතින වියළි කාලගුණය නිසා මේ දිනවල ජල පරිභෝජනය වැඩිවී ඇති බවයි. ඇතැම් ප‍්‍රදේශවලට ජලය අඛණ්ඩව සැපයීමද දුෂ්කර වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

වියළි කාලගුණය හේතුවෙන් උතුරුමැද පළාතේ ජලසැපයුම සීමා සහිතව සිදුවන බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා. උතුරුමැද මෙන්ම උතුර සහ නැගෙනහිර යන පළාත්වලද වැසියන් ජලය හිගකමකට මුහුණදී සිටින බවයි නෙත් නිවුස් වාර්තා කළේ. මේ හේතුවෙන් සාමාන්‍යයෙන් ළිං හෝ වෙනත් ස්වභාවික මූලාශ‍්‍රවලින් ජලය ලබාගන්නා පිරිස් වෙනුවෙන් බවුසර් මගින් ජලය සැපයීමටද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මේ දිනවල කටයුතු කරනවා.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් රටට යහපතක් වනවා සේම ඔබේ බිල්පතද අඩුකර ගත හැකියි.