Friday, May 17, 2024

General line - 0115112241

උතුරේ මහ ඇමති අභියාචනාධිකරණයට එයි




අධිකරණයට අපහාස කිරීම පිළිබද නඩුවකට කරුණු දැක්වීම සදහා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්  අභියාචනාධිකරණයට පැමිණ සිටිනවා. උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙලෙස අභියාචනාධිකරණයට පැමිණ ඇත්තේ මීට පෙර ඔහු වෙත නිකුත් කෙරුණු නොතීසියකට අනුවයි. 

උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍ය ධුරයෙන් බී ඩෙනීෂ්වරන් ඉවත් කිරීම අත්හිටුවමින් ඔහු එම ධුරයේ නැවත පිහිටුවන්නැයි අභියාචනාධිකරණය ඉකුත්දා අතුරු නියෝගයක් නිකුත් කළා. එහෙත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඒ අනුව කටයුතු නොකළ බවත් එමගින් ඔහු අධිකරණයට අපහාස කළ බවත් පවසමිනුයි මෙම නඩුව පවරා ඇත්තේ.