Friday, May 17, 2024

General line - 0115112241

රජයේ සේවකයින් ලක්ෂයක් එක් දින වැඩවර්ජනයකට සැරසෙයි

පසන් වික්‍රමතිලක




සිය සේවා ගැටළු කිහිපයකට විසදුම් ලබාගැනීම සදහා දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය තීරණය කර තිබෙනවා. තවත් වෘත්තීය සමිති කිහිපයක්ද මෙම වැඩවර්ජනය සදහා එක්වන බවයි එහි සභාපති චන්දන සූරියාරච්චි පැවසුවේ.

සේවාවේ නිශ්චිතභාවයක් නොතිබීම සංවර්ධන නිලධාරීන් මුහුණදෙන ප‍්‍රමුඛ ගැටළුවක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ හේතුවෙන් මෙම තනතුර දරණ උපධිධාරීන් මානසිකවද පීඩා විදින බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන සහකාර නිලධාරීන් ලෙස රටපුරා සේවයේ යෙදී සිටින උපාධිධාරීන් ගණන ලක්‍ෂයකට වැඩියි. 1993 වසරේ සිට වරින්වර අවස්ථා කිහිපයකදී ඔවුන් සේවයට බදවාගෙන තිබෙනවා.