Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දියානු නාවික හා ගුවන් ප්‍රහාරක බල ඇණි දෙකක් ත්‍රිකුණාමලයට

අමදෝරු අමරජීව




ශ්‍රි ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව අතර ආරම්භ විමට නියමිත  ඒකාබද්ධ යුධ අභ්‍යාසය සදහා ඉන්දිය නාවික හමුදාවට අයත් යුධ නෞකා තුනක් අද (07) ත්‍රිකුණාමල වරායට සේන්දු වී තිබෙනවා.

SLINEX-2018 යනුවෙන් නම් කර ඇති මෙම යුධ අභ්‍යාසය ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගෙන  නැගෙනහිර මුහුදේ සැප්තැම්බර් මස 13දා දක්වා පැවැත්විමට නියමිතයි. මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය සදහා ඉන්දිය ගුවන් හමුදාවට අයත් ගුවන්යානා දෙකක් හා හෙලිකොප්ටර් යානාවක් චීනවරායේ පිහිටි  ගුවන් හමුදා ගුවන් පථයට පැමිණ තිබේ.

ශ්‍රි ලංකා නාවික හමුදාවේ  සයුර ,සමුදුර හා සාගර යන නෞකා හා ඉන්දීය නාවික හමුදාවට අයත් කිරිච්, කොරාඩ්ච් හා සුමිත්‍රා යන නෞකා මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසයට එක්වීමට නියමිතයි.

වරාය අදියර , මුහුදු අදියර යන අදියර දෙක යටතේ දින හයක් පුරා පැවැත්වෙන මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසයට  ශ්‍රි ලංකා ගුවන් හමුදාවද ප්‍රථම වරට එක්වේ.

හෙලිකොප්ටර් හා සාගර මුර සංචාර, ගුවන් යානා මෙහෙයුම්, අවි පුහුණුව, මුදා ගැනිම්, සාගර යුධ උපාය පුහුණුව ඇතුලු විවිධ යුධ අභ්‍යාස රැසක් මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසයට අන්තරගත වෙයි.

මෙතෙක් කලක් වසර දෙකකට වරක් පැවැති මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය මේ වසරේ සිට වාර්ෂිකව පැවැත්විමට දෙරට එකගවි ඇත.