Sunday, May 19, 2024

General line - 0115112241

මිලියන 5 ක ජනයා අසරණ කරමින් "මාන්ගුට්" සුපිරි වේගයෙන් පිලිපීනයට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




පැයට කිලෝමීටර් 160 ක වේගයෙන් හමා එන මාන්ගුට් (Mangkhut) සුළි කුණාටුව හෙට (15) අලුයම් කාලයේදී පිලිපීනයට ඇතුල් වීමට නියමිත බව එරට කාලගුණ බලධාරීන් සදහන් කරනවා.

මාන්ගුට් සුළි කුණාටුව ගමන් කරන මාර්ගය අනුව පිලිපීනයේ පළාත් 39 ක වෙසෙන මිලියන  කට අධික පිරිසකට මෙමගින් බලපෑම් එල්ල විය හැකි බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.

මේ අතර සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවිය හැකි බවට විශ්වාස කරන ඇතැම් පළාත් වල සිටින දහස් ගණන් ජනයා ආරක්‍ෂිත ස්ථාන කරා මේ වන විටත් ගමන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මේ වන විට පිලිපීනයේ ගුවන් ගමන් අඩාල වී ඇති අතර පාසැල් පවා වසා දමා ඇති බව සදහන්. හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ඒ සදහා මුහුණ දීම සදහා යුධ හමුදාව සීරුවෙන් තැබීමට පිලිපීන රජය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වසරේ ගතවූ මාස 8 තුලදී පිලිපීනයට ප්‍රචන්ඩ සුළි කුණාටු 14 කට මුහුණ දීමට සිදුව ඇති අතර මෙම මාන්ගුට් සුළි කුණාටුවත් සමග වසරේ මුළු සුළි කුණාටු සංඛ්‍යාව 15 ක් වන බවයි එරට කාලගුණ බලධාරීන් සදහන් කරන්නේ.

සුළි කුණාටුවෙන් තම නිවාස සහ ව්‍යාපාර ස්ථාන ආරක්ෂා කර ගැනීම සදහා පිලිපීන වැසියන් මහත් පරිශ්‍රමයක් දරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

2013 වසරේදී පිලිපීනයට බලපෑ "හයියාන්" සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 7000 ක් ජිවිතක්ෂයට පත්වුවා.