Sunday, April 28, 2024

General line - 0115112241

අගමැති එන රැස්වීමක් "පාක්ෂිකයින් වෙනුවෙන්" වර්ජනය කරන එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රිනිය

චම්ලි ඒකනායක/ ඉන්දික අරුණ කුමාර




අගමැතිවරයා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000 කට නව සහනාධාර ප‍්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව එජාප මන්ත‍්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න පැවසුවා.

"සමෘද්ධි සහනාධාරය ලබා දීමේදී දුප්පත්කම පසෙකලා එක්සත් ජාතික පාක්ෂිකයින් බැවින් එම පිරිසට සමෘද්ධිය ලබා දීම වලක්වලා තියෙනවා. අවුරුදු 24ක් තිස්සේම වුණෙත් ඔයදේමයි. අපිට ඡන්දය දීපූ මිනිස්සුන්ට සුදුසුකම් තිබිලත් නිලධාරීන් විසින් සමෘද්ධිය නොදෙනවානම් මම එතනට යන්නේ ඇයි? මම මේ පිළිබඳව අදාල සාකච්ඡාවලදි දිගින් දිගටම දැනුවත් කරලත් තිබෙනවා. එහෙමත් තිබියදී ඒ දුප්පත් ජනතාවට මේ සහනාධාරය නොදෙනවාට විරෝධය පලකරන්නයි මම නොයන්නේ. මේ රටේ ජනතාව මහන්සිවෙලා හම්බු කරන මුදල් දුප්පත් ජනතාවට දෙන්නේ. ඇයි මෙහෙම පක්ෂ භේදයක් මේකට ගාවා ගන්නේ." යැයි මන්ත්‍රීවරිය nethnews.lk කළ විමසීමේදී පැවසුවා.

මාතලේ එඩ්වඩ් ක‍්‍රිඩාංගනයේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (15) උත්සවය පැවැත්වෙනවා.

වර්ජනය හේතුවෙන් ඉදිරියේ දී පක්ෂයේ  ඕනෑම ක‍්‍රීයාමාර්ගයකට ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව ද ඇය  වැඩිදුරටත් කියා සිටියා.