Friday, January 17, 2025

General line - 0115112241

ෆ්ලෝරන්ස් සුළි කුණාටුවෙන් අමෙරිකාවේ පස් දෙනෙකු මරුට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපයට බලපෑම් එල්ල කර ඇති ෆ්ලෝරන්ස් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගල මරණ 05ක් වාර්තා වනවා. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකුද වන බව සඳහන්.

සුළි කුණාටුවට බිය වීමෙන් හටගත් හෘදයාබාදයක් හමුවේ එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබුණා. මෙම මරණ සියල්ලම වාර්තා වන්නේ දකුණු කැරලිනා ප‍්‍රාන්තයෙන්.

මේ වනවිට පැයට කිලෝ මීටර් 105ක පමණ වේගයෙන් හමා යන ෆ්ලෝරන්ස් සුළි කුණාටුව හේතුවෙන් උතුරු හා දකුණු කැරලිනා මෙන්ම වර්ජිනියා ප‍්‍රාන්තයටද දරුණු ජල ගැලීම් හටගනු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා.